තමන් ඇතුළු කිසිවෙකුත් වැරදි කර නොමැති බවත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන කැඳවන ඕනෑම අවස්ථාවක පෙනී සිටීමට සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ, “අපිට එන්න කියන වෙලාවට අපි එනවා. අපි වැරදි කරලා නෑ. සාධාරණ පරීක්ෂණයක් කරොත් අපි නිදහස් වෙනවා” යනුවෙනි.
රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට සහ පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ට එරෙහිව දූෂණ විමර්ශන ක්‍රියාත්මක වන පසුබිමක නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.