ඊබ්‍රාහිම් නානාට ඇප ලැබුනේ ගෝඨාගේ කාලයේ – කතෝලික සභාව කියයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් නිදහස් වීම සහ ඔවුන්ට ඇප ලැබීම පිළිබඳව දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජය තුළ ද දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක පූජ්‍ය සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා විසින් විශේෂ නිල ප්‍රකාශයක් සිදුකර තිබේ.

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් (ඊබ්‍රාහිම් නානා) නමැත්තාට ඇප ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විසින් සිදු කරනු ලබන දේශපාලන ප්‍රකාශ පිළිබඳව උන්වහන්සේ මෙහිදී සෘජුව කරුණු පෙන්වා දුන්හ.

මෙම සැකකරුට අධිකරණයෙන් ඇප නියම කර නිදහස් කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළදී (පසුගිය රජය සමයේ) බව උන්වහන්සේ මතක් කර දෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *