විමර්ශනයකට එන්න කිව්වා නම් චරිත් එනවා, ආණ්ඩුවට විරුද්ධ දෙවන පෙළ නායකයින්ව මර්දනය කරන්න මේ හදන්නේ – බහුජන බලය කියයි

විමර්ශනයක් සිදු වන බවට පවසා චරිත් අබේසිංහට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට, පැමිණෙන ලෙස‍ට සඳහන් කළා නම් ඔහු පැමිණ විමර්ශනයට සහයෝගය ලබා දෙන බව, බහුජන බලය සි සංවිධානයේ ලේකම් නීතිඥ පියල් දර්ශන ගුරුගේ පවසනවා.

චරිත් අබේසිංහ කුඩා දරුවන් තිදෙනෙකුගේ පියෙක් බවත්, පොලිස් නිලධාරීන් හයක් හතක් ගොස්, නිවස වට කර ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි අද (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

චරිත් අබේසිංහ කිසිම අවස්ථාවකදී රටින් පලා යන පුද්ගලයෙක් නොවන බවත්, ඔහු ප්‍රසිද්ධියේ සිටින, මාධ්‍ය සාකච්ඡාවලට පැමිණෙන පුද්ගලයෙක් බවත් ඔහු ප්‍රකාශ කළා.

ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ, ආණ්ඩුවට එරෙහිව කතා කරන දෙවන පෙළ නායකයින් මර්දනය කිරීමට දැයි ගැටලුවක් මතු වන බවයි නීතිඥ පියල් දර්ශන ගුරුගේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *