මත්ද්‍රව්‍ය හා සම්බන්ධ කිසිම පුද්ගලයෙකුට අපේ දේශපාලන ව්‍යාපාරය තුළ තැනක් නෑ – සජිත් ප්‍රේමදාස

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය හොරණ ආසන සංවිධානක චරිත් අබේසිංහට එරෙහිව පක්ෂයේ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන හරක් කටා නොහොත් නදුන් චින්තකගෙන් ලාස් ලබා ගැනීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පවත්වනවා ද යන්න සම්බන්ධයෙන් අද (25) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍යවරයාට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *