ජපානය පසු කරමින් ඉන්දියාව ලොවන 04වන ආර්ථිකය බවට පත් වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව, 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4 ක ආදායමක් උපයාලමින් ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්ව තිබෙනවා.  

ඒ, මීට පෙර එම ස්ථානයේ සිටි ජපානය පසුකරමිනුයි. 

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙහි පළමු ස්ථානයේ සිටින්නේ ඇමරිකාව වන අතර, දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙළින් හිමිවන්නේ චීනය සහ ජර්මනියටයි. 

එමෙන්ම, 2026 වසර වන විට ඉන්දියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය, ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා තරමක් වැඩි විය හැකි බවට ද පුරෝකථනය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *