දැඩි මානසික පීඩා නිසා වයඹ අධ්‍යාපන පීඨයේ සිසුවියක් විදුලි පංකාවේ එල්ලි සිය දිවි නසා ගනියි

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියකගේ සිරුර එහි විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයාගත්  බව බිංගිරිය පොලිසිය කියයි.

තෙල්දෙනිය වැලිකැටිය පුටුහපුව ලිපිනයෙ පදිංචිව සිටි 24 හැවිරිදි රාජපක්ෂ උඩහේනේගෙදර සංජීවනි කුමාරි නැමති තරුණියක එසේ මියගොස් සිටියාය.

සිසුවියට එම අධ්‍යාපන පීඨයේ ගුරුවරියන්ගෙන් ද මානසික පීඩාවන් සිදු වී තිබූ බව ද වාර්තා වේ.

අදාල විද්‍යා පිඨ සිසුවිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ අධ්‍යාපනය ලබන අතර තුර අදාල අධ්‍යන කටයුතු වෙනුවෙන් සකසා ඇති ප්‍රායෝගික ඉගැන්විම් කටයුතු සදහා හලාවත ආනන්ද ජාතික පාසලට ද යොමු කර සිටි සිසුවියක් බව කියයි. ඇය සාරියකින් ගෙලවැල දාගෙන ඇති බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *