ඉන්දීය ණය ආධාර බවට හරවගත්තා – ජනාධිපති මල්වතු මහ නාහිමි හමුවේ කියයි

මෙයට පෙර ඉන්දියාවෙන් ලබා ගත් ඇතැම් ණය ආධාර බවට පත්කර ගැනීමට හැකි වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන් වහන්සේ හමුවේ 20 දා පැවසීය.

ඉන්දියාවේ දී එහි නායකයන් සමග සාකච්ඡාවලදී බොහොමයක් තීරණ ලංකාවට සුබදායී ලෙස ගැනීමට හැකි වූ බව ද ජනාධිපතිවරයා උන්වහන්සේ හමුවේ කියා සිටියේය.

මල්වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේලා මුණගැසීමට පෙරේදා මහනුවරට පැමිණි අවස්ථාවේ මල්වතු පාර්ශ්වයේ මහ නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *