ශ්‍රී ලංකාවේ සිසුන් හට ඉන්දියාවේ 120කට අධික ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ප්‍රමාණයකින් උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටී.
නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය, රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය, මවුලානා අසාඩ් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය සහ ආචාර්ය අබ්දුල් කලාම් පොදුරාජ්‍ය මණඩලයීය ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.
ඒ් අනුව අදාළ පාඨමාලාවට අදාළ පූර්ණ පාඨමාලා ගාස්තුව මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම මගින් ආවරණය වනු ඇත. මීට අමතරව නවාතැන්, පොත්පත් හා ලිපිද්‍රව්‍ය සඳහා වන වියදම් ද මෙහිදී ලබා දීමට නියමිතය.
මේ අතර ඉන්දියාවේ ආසන්නතම ගමනාන්තය වෙත එක් ගුවන් ගමන් වාරයක් සඳහා ආපසු පැමිණීම ද ඇතුළත් ගුවන් ගාස්තු දීමනාවක්, අධ්‍යාපන චාරිකා සඳහා ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වෙත ගමන් කිරීමට වාර්ෂික ගාස්තුවක් මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය තුළ අන්තර්ගත වේ.
මීට අමතරව එක් එක් සිසුන්හට මාසික වියදම් සඳහා ද මුදලක් ලබා දෙනු ඇත. එහිදී උපාධි පාඨමාලා සඳහා ඉන්දියානු රු. 18,000 ක්, පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ඉන්දියානු රු. 20,000 ක් සහ ආචාර්ය උපාධි පාඨමාලා සඳහා ඉන්දියානු රු. 22,000 ක් ආසන්න වශයෙන් ලබාදීමට නියමිතය.
මෙම පාඨමාලා සඳහා අයදුම් කිරීමේ අවසාන දිනය 2024 පෙබරවාරි 24 වන දින අතර ඊට අදාළ වැඩිදුර තොරතුරු පහතින් දැක්වේ.