කිළිනොච්චිය හා මුලතිව් යන පළාත්වල වසර ගණනාවක්ම දිසාපතිනිය වශයෙන් කටයුතු කරමින් පොදු ජනතවට ඉමහත් සේවයක් ඉටු කළ රූපවතී කේතිස්වරන් වසර 32 ක රාජ්‍ය සේවයෙන් පසු ඊයේ (13) විශ්‍රාම ගනු ලැබීය.
යුද්ධය පැවති කාලයේදී මුලතිව් හා කිළිනොච්චි ප්‍රදේශ වල වැසියන්ට සහන සලසා දීමටත් රාජ්‍ය යාන්ත්‍රණය එම පළාවල ක්‍රියාත්මක කිරීමටත් රූපවතී කේතීස්වරන් රාජ්‍ය පරිපාලන නිලධාරිනියක වශයෙන් ඉතා අගනා සේවයක් සිදුකොට තිබේ.
ඇයට සමුදීම පිණිස කිළිනොච්චියේදී විශේෂ උත්සවයක් ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානය කොට තිබුණි.1984 දී කිළිනොච්චිය දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ වෙනම දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමත් සමගම එම දිස්ත්‍රික්කයේ පලමු දිසාපතිවරිය වීමේ භාග්‍යය රූපවතී කේතීස්වරට හිමි වූ අතර ඇය ඊට පසුව අවස්ථා තුනකදීම කිළිනොච්චියේ දිසාපති තනතුර මාරුවෙන් මාරුවට හොබවා තිබේ.