අපගේ ජාතිය, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී නොසිටීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
සුරේෂ් සලේට චෝදනා කරන පුද්ගලයා, මෙරට තුළ අපරාධයක් සිදුකර, ඉන් බේරීමට වෙනත් රටකට පැනගොස්, එරට දේශපාලන රැකවරණ ඉල්ලීම සාධාරණීකරණය කිරීම සඳහා අසත්‍ය ප්‍රකාශ සිදු කළ අයෙකු බවයි අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා සඳහන් කළේ.
රටේ ඒකීයභාවය වෙනුවෙන් තමන්ගේ දිවි කැප කරන ලද රණවිරුවෙකුව, ජනාධිපතිවරයාගේ අත්සන යටතේ රඳවා තබාගෙන, වද හිංසා දෙමින්, තමන්ට අවශ්‍ය ආකාරයේ ප්‍රකාශයක් ලියා ගැනීමට උත්සාහ කරන බව ද ඔහු පවසා සිටියා.
සුරේෂ් සලේට විරුද්ධව සාක්ෂි ඇත්නම්, ඔහුට සාධාරණ නඩු විභාගයක් ලබාදී, චෝදනා ඔප්පු කර දඬුවම් ලබාදෙන ලෙසත්, ඒ සඳහා කිසිදු විරෝධයක් නොමැති බවයි සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.