සුරේෂ් සලේ වෙනුවෙන් ජීවිත ආශාව අත්හරින්න සූදානම් දස දහස් සංඛ්‍යාත ජනතාවක් රට තුළ ඉන්නවා – ගම්මන්පිල

තමන්ගේ රට වෙනුවෙන් ජීවිත ආශාව අත්හැර, හමුදා නිල ඇඳුම ඇඳගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් ජීවිත ආශාව අත්හරින්නට සූදානම් දස දහස් සංඛ්‍යාත ජනතාවක් රට තුළ සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදී ආණ්ඩුවක් බවත්, ඔවුන් රණවිරුවන්ට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කර ඇති බවත්, රාජ්‍ය ත්‍රස්තවාදයට ලොව ඇති හොඳම උදාහරණය වත්මන් ආණ්ඩුව බවයි අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අංශු මාත්‍රයක හෝ සැකයක් සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඇත්නම්, ඒ ගැන පරීක්ෂණ සිදු කිරීම පිළිබඳ තමන් විරුද්ධ නොවන බවත්, නමුත් ඔහුට සතෙකුටත් අන්ත ආකාරයෙන් සැලකීමට ඉඩදිය නොහැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *