ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් එක විනාශ කළේ ලංගම, ලංගමට ජාතකයක් නෑ – බස් ගැමුණු සැරටම කියයි

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය විනාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) දැඩි චෝදනාවක් එල්ල කරමින්, “ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් එක විනාශ කළේ ලංගම, ලංගමට ජාතකයක් නෑ” යනුවෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තමන්ගේ එකම බලාපොරොත්තුව පෞද්ගලික හෝ ලංගම බස් රථ පමණක් සීමා නොවූ, ජනතාවට විශ්වාසනීය සහ උසස් මට්ටමේ ගුණාත්මක බස් රථ සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම බවයි.

එමෙන්ම බස් රථ සේවාවට අමතරව රටේ දුම්රිය සේවය ද මීට වඩා වැඩිදියුණු කළ යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *