තට්ටේ ගාලා සිවුරු පොරවලා මත්ද්‍රව්‍ය එව්වේ ආණ්ඩුවේ කට්ටිය කියලා සැකයි – බලංගොඩ කස්සප හිමි

තායිලන්තයේ අත්අඩංගුවට ගත් භික්ෂූන් සම්බන්ධ සිද්ධිය පිටුපස ආණ්ඩුවේ සහ JVP සාමාජිකයින් සිටින බවට සැක පළ කරන බව කස්සප හිමියන් ප්‍රකාශ කළේය.

“තායිලන්තයේ මේවා තහනම් නෑ. තට්ටේ ගාලා සිවුරු පොරවලා මත්ද්‍රව්‍ය එව්වේ ආණ්ඩුවේ කට්ටිය කියලා අපිට දැන් සැකයි” යනුවෙන් උන්වහන්සේ කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ කස්සප හිමියන්, “හාමුදුරුවන්ට මත්ද්‍රව්‍ය පුරුදු කරන්නේ JVP එකේ සාමාජිකයෝ. මේක උන්වහන්සේලා අහුකරන්න කළා වෙන්නත් පුළුවන්” යනුවෙන් චෝදනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *