“කාදිනල්තුමා තමයි හමුදාපති ඇතුළු සේරම පත් කරන්නේ” – බදුල්ලේ චාමරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

වත්මන් රජයේ ප්‍රධානීන් මාස තුනකට වරක් මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තද, තිරය පිටුපස සැබෑ තීරණ ගනු ලබන්නේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් බව දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන බදුල්ලේ චාමර (චාමර සම්පත්) මහතා පවසයි.

භික්ෂූන් වහන්සේනමක් සමඟ පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී ඔහු සෘජුවම චෝදනා කළේ යුද හමුදාපතිවරයා ඇතුළු ඉහළ තනතුරු පත් කිරීම්වල පිටුපස සිටින්නේ කාදිනල්තුමා බවයි.

“මාස තුනකට සැරයක් ආණ්ඩුවේ උන් ගිහින් අපේ මහනායක හාමුදුරුවන්ට වැඳලා එනවා. හැබැයි වැඩේ කරන්නේ කාදිනල්. කාදිනල් තමයි හමුදාපති සේරම පත් කරන්නේ. ඊළඟ හමුදාපති ප්‍රනාන්දු කෙනෙක් හාමුදුරුවනේ,” යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *