මාව හිරේ දාන එක එච්චර ලේසි වෙන්නේ නෑ – නාමල් රාජපක්ෂ කියයි

තමන්ව සිරගත කිරීම පහසු කටයුත්තක් නොවන බවත්, යම් හෙයකින් එසේ සිදුවුවද පක්ෂයේ ඉදිරි කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු සැලසුම් දැනටමත් සකස් කර ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති විශේෂ පුහුණු වැඩමුළුවක් ඇමතු අවස්ථාවේදීයි.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දීම සඳහා පක්ෂය ගම් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කර ඇති බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“මාව හිරේ දාන එක නම් ලේසි නෑ.දැම්මත් ප්‍රශ්නයක් නෑ. අපි පැහැදිලිව සැලැස්මක් හදලා තියෙනවා ශාඛා සමිති බල මණ්ඩල හදන විදිහ. වැඩපිළිවෙලක් හදලා තියෙනවා ගම් මට්ටමින් කොට්ඨාස වැඩ ටික කොහොමද කරන්න ඕනේ කියලා.ආසන බල මණ්ඩල කොහොමද කැඳවන්න ඕනේ කියලා.දිස්ත්‍රික් රැස්වීම් කොහොමද කරන්න ඕනේ කියලා.”

Source : News19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *