ලංකාවේ සියලු ග්‍රාම නිලධාරී වසම් සඳහා නිසි පුහුණුව ලත් ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙක් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අනතුරකට ලක්වූ පුද්ගලයකු රෝහල් ගත කරන තෙක් නිසි ප්‍රථමාධාර ලබා දීමටත් අනතුරට ලක්වූ පුද්ගලයාට තව දුරටත් හානි නොවන සේ සුරක්ෂිතව රෝහල් ගත කිරීමත් අරමුණු කර ගනිමින් මෙම සේවාව සැපයේ.
“සෑම ග්‍රාම නිලධාරී වසමකටම අවම වශයෙන්, නිසි පුහුණුව ලත් තරුණ ප්‍රථමාධාර ලබාදෙන්නන් දෙදෙනෙක් ” වැඩසටහනේ සමාරම්භක උත්සවය හා පළමු කණ්ඩායම සඳහා නිල වශයෙන් පුහුණුව ආරම්භ කිරීම මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී හෙට (30)පෙරවරු 8.30ට සිදු කෙරෙයි.
මේ අනුව මූලික අදියරේ දී දිවයින පුරා තරුණ තරුණියන් 28,000 ක් රටපුරා පුහුණු මධ්‍යස්ථාන වලදී පුහුණු කෙරෙනු ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය හා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාව මෙම වැඩසටහන සංවිධාන කරයි.