පසුගියදා චීනය සිය මානුෂීය ආධාර ලෙසින් උතුරේ ධීවර පවුල් වෙත ලබා දුන් සහල් ඉතා අඩු මුදලට පදික වේදිකාවලට ගෙනැවිත් විකුණා දැමීමට උත්සාහ කරන බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
එම සහල්වලින් බත් පිසූ විට පවතින ඇලෙන සුළු ස්වභාවයට මෙම ජනතාව ප්‍රිය නොකිරීම හේතුවෙන් මෙලෙස ඒවා විකුණන බව එම වාර්තාවෙහි දැක්වේ.
දේශීය සහල් වර්ග හා සසඳන විට එහි රසයද වෙනස් බැවින් මෙම සහල් සම්බන්ධයෙන් ප්‍රිය ජනක බවත් ඔවුන් අතර නිර්මාණය වී නැත. රුපියල් බිලියන 1.5 ක් වටිනා චීන මානුෂීය ආධාර අතරට ලැබණු මෙම සහල්වලට අමතරව උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවරයින් සඳහා පෙර සැකසූ නිවාස යෝජනා ක්‍රමයක් සහ ධීවර උපකරණ ලබා දීමද ඇතුළත් විය.
මතුපිටින් නොපෙනෙන නියෝජිතයෙකු මාර්ගයෙන් පරිත්‍යාග කරන ලද මෙම චීන සහල් ධිවරයින් විසින් අලෙවි කරනු ලැබ ඇති අතර ධීවරයින් වෙත ලබා දෙන පෙර සැකසූ නිවාස පිළිබඳව ඔවුන් කනස්සල්ල පළ කළේ ඉහළ උෂ්ණත්වයක් වාර්තා කරන පළාතක ජීවත් වීමට මෙය හිතකර නොවන බව පවසමිනි.යකඩවලින් නිමවන ලද මෙම නිවාස ධීවරයින්ට ජීවත් වීමට නොව අබිරහස් ලෙස ගිනි ගන්නා තම ධීවර ආම්පන්න ගබඩා කරන වාඩි ලෙස යොදා ගත හැකි වනු ඇතැයිද එහිදී ධීවරයින් මත පළ කර ඇතැයි එම පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.