අඹ ගෙඩියක් ලක්ෂ හතකට විකුණයි

යාපනය,නාගර්කෝවිල්,මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පෙරේදා (24 වැනිදා) පැවැති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ හතකට අලෙවි වූ බව ප්‍රදේශවාසීහු පවසති.

සතියක් පුරා පැවැත්වෙන මෙම වාර්ෂික මංගල්‍යයේ අවසන් දින මෙම අඹගෙඩිය එලෙස අලෙවි වී තිබේ. යාපනය, නාගර්කෝවිල්හි පදිංචි පුද්ගලයකු විසින් කෝවිලට වූ බාරයක් ඔප්පු කිරීම සඳහා අඹගෙඩිය මිලට ගෙන තිබිණ.

කෝවිල් පාලක සභාව පැවසූවේ වෙන්දේසියෙන් ලද මුදල කෝවිල සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නා බවයි.

පසුගිය දිනෙක වවුනියාවේ කෝවිලක වෙන්දේසියකදීද අඹ ගෙඩියක් රුපියල් දෙලක්ෂ අසූපන්දහසකට (285,000)වෙන්දේසි විය.

මුලතිව්,පුදුකුඩිඉරිප්පු කෝවිලක පැවැත්වූ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් විදේශගතව සිට පැමිණි පුද්ගලයකු පසුගියදා ලක්ෂ 15 ක මුදලක් ලබාදී ඇතැයි වාර්තා වූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *