ජනවාරිය අවසන් වනවිට රාජ්‍ය ආයතන සඳහා කරන සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමයට

ජනවාරිය අවසන් වනවිට රාජ්‍ය ආයතනය සඳහා කරන සියලුම ගෙවීම් ඩිජිටල් වේදිකාවක් හරහා සිදුකිරීමට සැලසුම් කර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කළේ රාජ්‍ය ආයතන සඳහා කරන ගෙවීම් ඩිජිටල්කරණයට හැරවීම සඳහා මේ වනවිට නියමු ව්‍යාපෘතියක් දියත් කර ඇති ආකාරයය. එම වැඩපිලිවෙළ ඵලදායී බවත් , නියමු ව්‍යාපෘතිය තුළ Gov Pay නැමැති යෙදවුම හරහා මේ වනවිට රාජ්‍ය ආයතන 16ක් වෙත ගෙවීම් කිරීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත්ය.

රාජ්‍ය මුදල් සම්බන්ධව සිදුවන දූෂණ, වංචා,  අක්‍රමිකතා ඇතුළු වෙනත් ගැටලු වැළැක්වීම සඳහාත්,  ඉතාම පහසු කාරයක්ෂම සේවාවක් සැපයීම සඳහාත් මෙම පියවරට රජය ප්‍රවේශ වී තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ නෝට්ටු භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා වාර්ෂිකව දල දේශීය නිශ්පාදනයෙන් සියයට 1.- 1.2ත් අතර මුදලක් වැය වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *