ලබන වසරේ අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා – ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ

මෙරට නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට සාධාරණව බෙදී යන වසරක් බවට ඉදිරි වසර පත් කරන බැව් ධීවර හා සාගර සම්පත් පිළිබඳ ඇමැති රත්න ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ පෙරේදා (26 දා) පෙරවරුවේ අක්මීමන කුරුඳුවත්තේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්න ගමගේ මහතා මෙසේද කීය.

“ලබන වර්ෂය අපි මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟෙන වර්ෂය බවට පත්කරනවා.

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා. මේ රටේ වැඩකරන ජනතාව එම නිෂ්පාදන ආර්ථිකයට සහභාගී කර ගන්නවා.

නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණව බෙදී යන ක්‍රමවේදයක් අපි මෙහිදී ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *