ජීන් ඇන්ටි හා සැමියාට දරුණු පහර දීමක් – රෝහල්ගත කරයි

අරගල සමයේ සිට ප‍්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් ලෙස ප‍්‍රකට ‘ජීන් ඇන්ටි’ හා ඇයගේ සැමියාට පුද්ගලයින් දෙදෙනෙකු විසින් පහරදීමක් හේතුවෙන් රාගම රෝහලට ඇතුලත් කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එඬේරමුල්ලේ පිහිටි සිය නිවසේදී මෙම ප්‍රහාරය එල්ල වූ බව ඇය සදහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හා එඬේරමුල්ල පොලිසිය සමඟ ඔවුට ඇති බව කියන සබඳතා හෙළිදරව් කරමින් සමාජ මාධ්‍ය ජාලවල පළකිරීම්වලට පළිගැනීමක් ලෙස මෙම පහරදීම සිදු කළ බවටත් ඇය චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *