වී අලෙවි මණ්ඩලය මීළග කන්නයේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් ගන්න යයි

වී අලෙවි මණ්ඩලය මගින් ඉදිරි කන්නයේ දි  ගොවින්ගෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක්  මිලදි ගැනීමට බලාපොරොත්තුවන බැව් වි අලෙවිමණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද  පවසයි.

වි මෙට්‍රික්ටොන් ලක්ෂ 02ක් පමණ  ගබඩා කිරිමට හැකි ගබඩා ධාරිතාවයක්  වි අලෙවි මණ්ඩලය සතුව පවතින බවත් ආහාර දෙපාර්තමේන්තුව, ස.තො.ස  වැනි  ආයතනවල පවතින  වී ගබඩාද උපයෝගි කරගෙන වි මෙට්‍රික්ටොන් ලක්ෂ තුනේ ඉලක්කය සපුරාගත හැකි බද හෙතෙම පවසයි. ‍

ඉදිරි සතිය තුළදි    වී කිලෝවක සහතික මිල ප්‍රකාශ කිරිමට බලාපොරොත්තු වන බව සඳහන් කළ වි අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා  නිසි ප්‍රමිතියට අනුව වියලන ලද වී තොග මෙන්ම තෙත වී මිලදි ගැනිමට  කටයුතු කරන බවද  කියයි.

තෙත වී වියලිම සදහා අවශ්‍ය පහසුකම් වී අලෙවි මණ්ඩලය සතුව නොමැතිවිම නිසා  සුළු හා මධ්‍ය පරිමාන මෝල් හිමියන් සම්බන්ධකරගෙන තෙත වී  මිලදි ගැනිමට සැලසුම්කොට ඇති බැව් සදහන් කළ  වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා  ගොවියාගේ වී අස්වැන්න සදහා හොද මිලක් ලබාදිම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදිම වී අලෙවි මණ්ඩලයේ අරමුණ යැයි ද  පවසයි. .  

වි අලෙවි මණ්ඩලය විසින් ගොවි සංවිධාන සහ රාජ්‍ය ආයතනවල සහයෝගය ඇතිව  වි මිලදි ගැනිමේ  වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට  සැලසුම්කොට ඇති බවද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *