BMW වාහන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කළ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ගන්නා ලෙස පක්ෂ විපක්ෂ හිටපු මැති ඇමතිවරුන් සැලකිය යුතු පිරිසකගෙන් ඉල්ලීම් ඉදිරිපත්වෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සායනික වෛද්‍ය වාර්තාවන් සහ විවිධ වෛද්‍ය වාර්තාවන් ඉදිරිපත් කරමින් ඔහු විවිධ රෝගයන්ගෙන් පීඩා විදින්නෙකු බව පවසමින් මෙම ඉල්ලීම් ඉදිරිපත් වෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
කෙසේ නමුත් උසාවිය නියෝගයකින් හැර බන්ධනාගාර රෝහල්වෙත ඇතුළත් කර ගැනීමට නොහැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
දේශපාලනඥයින් බහුතරයක් වයස්ගත වූවන් බැවින් ඔහුන් විවිධ රෝගාබාධයන්ගෙන් පෙළන බව කල විමසුමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර නිලධාරියෙකු පෙන්වා දුන්නේ මේ වන විට බන්ධනාගාර රෝහල සතුව ඇත්තේ ඇඳන් 180ක් පමණ බවය.
නමුත් රෝහලේ රෝගීන් 350ක පිරිසක් ප්‍රතිකාර ලබන බව ද ඔවුහු කියති.