හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාවට අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු ලබා දුන්නා.
ඒ, මහ මැතිවරණය වෙනුවෙන් පුත්තලම පැවති ජාතික ජන බලවේගයේ රැළියකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“මං දැක්කා මේ හිටපු ජනාධිපතිවරයා හදිසියේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කියනවා, එතුමා මේ සල්ලි වෙන්කරාලු පඩි වැඩි කරන්න. එක්කෝ පඩි වැඩි කරන්න ඕනලු. නැත්නම් ඒ සල්ලි වලට මොකද වුණේ කියලා කියන්න ඕන. එතකොට ඒ මුදල් වෙන්කිරීම් සිද්ධවෙන්නේ අයවැය ලේඛනයෙන් එහෙම නැත්නම් පසුව ගේන අතුරු සම්මත ගිණුම් හරහා අපිට වැඩි කරන්න පුළුවන්. තැපැල් ඡන්දේ තිබුනේ හතර.
සැප්තැම්බර් තුන්වෙනිදා කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් කිව්වා පඩි වැඩි කරනවා කියලා. සල්ලි වෙන් කරලා තිබ්බේ නැහැ. හැබැයි හිටපු සල්ලි වෙන් කරේ නැති වුණාට වර්තමාන ආණ්ඩුව එළඹෙන මැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙන්නේ දැන් පැරදුනානම් නම් ගෙදරට වෙලා ඉන්න. එක එක අර නිකන් කොනිත්තන වැඩ, ඒවා නොකර ඉන්න. අපි මේ රට හදලා තමයි නතර වෙන්නේ.”