හොරු අල්ලන නඩු වේගවත් කරන්න විනිසුරු නිශ්ශංක බන්දුලට ආණ්ඩුවෙන් දෝෂාභියෝගයක්

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ රජය සූදානමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, දෝශාභියෝගය ගෙන ඒමට පෙර, නිස්සංක බන්දුල කරුණාරත්න එම ධූරයෙන් ඉල්ලා අස්විමට සූදානම් වන බව පැවසේ. 

මේ තත්ත්වය උදා වී ඇත්තේ, ආන්දෝලනාත්මක නඩු කිහිපයකට අදාලව යුක්තිය ඉෂ්ඨ වීමේ ප්‍රමාදය පිළිබදව ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා අතර පැවති සාකච්ඡාවට පසුවයි. 

නඩු පැවරීම් 11 ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා අතර සාකච්ඡා සිද්ධ වී තිබේ. එහිදී නඩු 11 න් නඩු 04 කට අදාල ලිපිගොනුනීතිපති දෙපාර්තමේන්තුව නැවත පොලිසියට භාර දී ඇත්තේ විමර්ශන සම්පූර්ණ නැති බව අවධාරණය කරමිනි. එමෙන්ම තවත් නඩු තුනකට අදාල ලිපිගොනු,  දූෂණ විරෝධී පනත යටතේ ගත යුතු- ක්‍රියාමාර්ග ගැනීම සදහා නැවත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ආපසු යවා තිබේ. 

කෙසේ වෙතත්, ඇතැම් නඩු කටයුත-ු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ලබා දී තිබෙන උපදෙස් ක්‍රියාත්මක නොවූ බව නීතිපතිවරයා ජනාධිපතිවරයාට පවසා තිබේ. 

උදාහරණයක් ලෙස මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව දෙන ලද උපදෙස අදාල පාර්ශ්ව ක්‍රියාත්මක කර නැත. 

සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *