නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් දිවයිනේ තෝරාගත් දුම්රිය ස්ථාන සියයක පහසුකම් වැඩිදියුණු කර මගී සිත් ගන්නා ස්ථාන බවට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
මෙම වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ වැඩිදියුණු කිරීමට තෝරාගත් දුම්රිය ස්ථාන සියය පිළිබඳ තොරතුරු මේ වන විටත් අමාත්‍යාංශය වෙත යොමු කර ඇතැයි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ක්‍ලීන් ශ්‍රී ලංකා රාජ්‍ය වැඩසටහන යටතේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මෙලෙස වැඩිදියුණු කෙරෙන මගී ජනතාව වැඩි වශයෙන් නිතර පැමිණෙන දුම්රිය ස්ථානවල කෝපි හා වෙනත් පැණි බීම වර්ග මිලදී ගැනීමේ ස්වයංක්‍රිය යන්ත්‍ර ඇති කිරීමට අදාළ සමාගම් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දුම්රිය ස්ථානවල තිබෙන මගී විවේකාගාරවල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගන්නා අතර, ඒවායෙහි ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක යන්ත්‍රවල බැටරි ආරෝපණය කරගැනීමේ පහසුකම් ඇති කිරීමටද සැලසුම් කර ඇත.
දුම්රිය ස්ථානවල ඩිජිටල් පුවරු ආශ්‍රයෙන් දුම්රිය පිළිබඳ තොරතුරු මගීන්ට දැන ගැනීමට සැලැස්වීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.