වෙඩි වැදුණු ගායන ශිල්පි කේ. සුජීවාගේ කකුල කපා දැමීම වලක්වා ගැනීමට මෙරට දක්ෂතම වෛද්‍යවරු සමත් වෙයි


අතුරුගිරිය ප්‍රදේශයේ අද (08) සිදු වූ වෙඩිතැබීමෙන් ගායනශිල්පී කේ. සුජීවා තුවාල ලබා රෝහල්ගත කළා.

ඒ අනුව අද දහවල් 2 ට පමණ ඇය ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ ප්ලාස්ටික් ශල්‍යවේදීන්, වැස්කියුල ශල්‍යවේදීන්, ඕතොපිඩික් ශල්‍යවේදීන් සහ සාමාන්‍ය ශල්‍යවේදීන් යන කණ්ඩායම් හතරක් ශල්‍යකර්මයට සහභාගි වූ බවයි.

පසුව එම ශල්‍යකර්මයෙන් පසුව ඇයව සාමනය වාට්ටුවකට ඇතුළත් කර බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ.

තත්වය මේ වනවිට යහපත් බවත් කකුල කපා දැමීමෙන් තොරව බේරාගැනීමට හැකි වූ බවයි ඔහු සඳහන් කළේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *