සිය පියාගේ ඝාතනයට ජනතාවගේ සැකය එල්ල වී තිබෙන එක් පාර්ශ්වයක් වන ආන්දෝලනාත්මක දේශපාලන පවුලේ සම්බන්ධයක් තිබිය හැකි බව, අනුර විදානගමගේ ගේ පුත් ඉදුවර විදානගමගේ චෝදනා කරයි.
ඔහු මෙම චෝදනාව එල්ල කරන්නේ චමුදිත සමරවික්‍රම සමඟ සංවාදයකට එක් වෙමිනි. සිය පියා ඝාතනය කිරීමේ අවශ්‍යතාවය පාර්ශ්ව දෙකකට තිබුණු බව ඉදුවර පවසයි. එක් පාර්ශ්වයක් වන්නේ “දේශපාලන පවුලයි”. අනෙක් පාර්ශ්වය වන්නේ “ජේ.සී.බී. සමන්” නමැති අයයි.
මෙම දෙපාර්ශ්වයට පියා සම්බන්ධයෙන් ඇත්තේ ආකාර දෙකක වෛරයක් බව ඉදුවර පවසයි.දේශපාලන පවුලට ඇත්තේ පියා විසින් කරන ලද හෙළිදරව් කිරීම් මත නිර්මාණය වූ වෛරයකි. ජේසීබී සමන්ට ඇත්තේ පාතාල කටයුතු මත ඇති වූ වෛරයකි.
ඒ අනුව, මනම්පේරි මැදිහත් වී, ජේසීබී සමන් ලවා, දේශපාලන පවුලේ අවශ්‍යතාවය ඉටු කළා විය හැකි යැයි ඉදුවර අනුමාන කරයි.