කඳානේ සැරිසරූ අත්භූත කත රුසියානු ජාතික කාන්තාවක් බව හෙළි වෙයි

කතෝලික බැතිමතුන් තිගස්වමින් සහ යම් අප්‍රසාදයක් ඇති කරමින් කඳාන ප්‍රදේශයේ  සැරිසැරූ මරියාතුමිය ගේ හැඩ රුව සහිත කාන්තාව භාවනානුයෝගීව කල් ගෙවන රුසියානු ජාතික කාන්තාවක් බවත් සිය භාවනාවන්හි යෙදී සිටින ඇදුම් සහිතව නිදහසේ මහමග සැරිසැරීම හේතුවෙන් මේ විචිකිච්ඡාව සමජය තුළ ඇති වී තිබෙන බවත් හෙළි වී තිබේ.කතෝලික ආගමේ ප්‍රධාන පූජනීය චරිතයක්වන  ජේසුස් වහන්සේගේ මෑණියන් ලෙස සැලකෙන, ‘මරිය මව්තුමියගේ’ හැඩහුරුවට සමාන හැඩරුවක් ඇති කාන්තාවක්, ලංකාවේ කඳාන ප්‍රදේශයේ මහ මාර්ගයේ සැරි සැරූ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග මෙම ආන්දෝලනය ඇති විය.මේ සම්බන්ධව අධ්‍යයනයක් කළ Fact Crescendo Sri Lanka වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ කඳාන පොලිසියේ වාර්තාවන්ට අනුව  ඇය රුසියානු ජාතික විදේශීය කාන්තාවක් බවත්, ඇය නිදහසේ කඳාන ප්‍රදේශයේදී ගමන් කරනා විට ඇයගේ රූපය හා ඇඳ සිටි වස්ත්‍රය හේතුවෙන් බොහෝ දෙනා මෙලෙසින් කුතුහලයෙන් පසු වූ බවත්ය.

පසුව එම කාන්තාවගෙන් කටඋත්තරයක් ගැනීම සඳහා පොලීසිය විසින් කටයුතු කර ඇති අතර එම විදෙස් කාන්තාව කිසිදු මානසික ආබාධියකින් පෙළෙන්නේ නැති අතර ඇය භාවනා කටයුතු වල නිරත වන අතර ලංකාවේ සංචරය කිරීමේදී මෙලෙසින් නිදහසේ ඇය මාර්ගයේ ගමන් කළ අවස්ථාවක පටිගත කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වී ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *