කපිල චන්ද්‍රසේනගේ මරණය සැක සහිතයි – පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැණිනි.

ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු කියා සිටියේ අධිකරණය ලබාදුන් නියෝගයට අනුව ඔහුව අද (මැයි 08) වැනිදා මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු බවය.

“අපි අද මෝෂන් එකක් දාන්න හිටියා එයාව සරෙන්ඩර් කරන්න. ඒ මෝෂන් එක දාලා එයා උසාවියට එන්න හිටියේ. ඒ ඉන්න අතරෙයි ඕක දැන ගත්තේ. අපිට ඩොකියුමන්ට්ලි ඔප්පු කරන්න බැහැ මෝෂන් එකක් දානවා කියන එක. මොකද අපි ඒක දාන්නේ උදේ 10.00ට ඉස්සර වෙලානේ. හැබැයි දාන්න හිටියේ කියලා අපි දන්නවා. සිද්ධිය වෙලා තියන තැන අපේ තව ලෝයර් කෙනෙක් ගිහින් ඉන්නවා. සමහර විට එයත් කටඋත්තර දෙයි. එයාව උසාවියට සරෙන්ඩර් කරන්න හිටියේ කියලා.” එම නීතිඥවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ඉකුත් මැයි 06 වනදා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර පසුව නැවත ඔහුව අත්අඩංගුවට ගන්නැයි ඊයේ (මැයි 07) නියෝග කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *