දුර්ලභ කිඩාරම් මලක් බලන්ගොඩ ගෙවත්තක පිපෙයි

ඉතා දුර්ලභව පිපෙන අඩි දෙකක් පමණ උසකින් යුත් කිඩාරම් මලක් බළන්ගොඩ වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේ ගෙවත්තක පිපී තිබේ.

වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේ පී.කේ. හේමචන්ද්‍ර මහතාගේ ගෙවත්තේ මෙම කිඩාරම් මල පිපී ඇති අතර, එම මලින් විශාල දුර්ගන්ධයක් හමන බව ප්‍රදේශවාසීහු පවසති. එසේම එම කිඩාරම් මල දැක ගැනීමට ප්‍රදේශවාසීන් දැඩි උනන්දුවක් දක්වන බවද වාර්තා වෙයි. ගෙවත්තේ හිමිකරු පැවසුවේ මීට වසර ගණනාවකට පෙර මෙම ස්ථානයේ කිඩාරම් ගසක් තිබී වඳවී ගිය බවත් හදිසියේම එක් උදෑසනක තම බිරිය විසින් එම ස්ථානයේ මෙම මල පිපී තිබෙන අයුරු දැක තිබෙන බවත් මෙය කිඩාරම් මලක් බව පසුව දැනගත් බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *