කුරින්චර්කනි පාලමේ ඉදිකිරීම් නැවත අරඹයි – ඩොලර් මිලියන 10.5ක ගිවිසුමකට අත්සන් තබයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා, කුරින්චර්කනි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

ඒ සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක කටයුතු අමාත්‍යංශය ලේකම් මහින්ද සිරිවර්ධන සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ අබ්දුල් මොසෙන් විසින් ඊට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් කරනු ලැබ තිබේ.

පුද්ගලයන් ලක්ෂයකට පමණ සංඛ්‍යාවකට මෙම පාලම ඉදිකිරිම මගින් ගමනාගමන සහ ව්‍යාපාර කටයුතු පහසුකම් සැලසෙන බව එම අමාත්‍යංශය පැවසීය.

එමෙන් ම, ව්‍යාපෘතියේ ඉතිරි මුදල් පේරාදෙණිය බදුල්ල, සෙංකලඩි මාර්ග සංවර්ධන සඳහා යෙදෙවීමට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *