හෘද රෝගීන් වෙනුවෙන් මේ වසර තුළ දී තවත් කැත්ලැබ් 16ක් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරනවා.
ඒ ඊයේ (14) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක් වෙමින්.
“හෘද වස්තුව ආශ්‍රිතව රෝගාබාධ වලදී අපිට තිබෙන ශල්‍යකර්මයක් තමයි මේ බයිපාස් සර්ජරි (Bypass Surgery). ඕපන් හාර්ට් සර්ජරි (Open heart surgery) කරනවා. එතකොට ඒකට අපිට යම් පහසුකම් ප්‍රමාණයක් තියෙනවා.
නමුත් ඊට කලින් සමහරවිට මේ රුධිර වාහිනී වල නැත්නම් හෘද වස්තුව ආශ්‍රිතව තිබෙන යම් යම් අවහිරතාවයන් හඳුනාගන්න ඇන්ජියෝග්‍රෑම් (Angiogram) එකක් කරගන්න, ස්ටෙන්ට් (Stent) එකක් දාගන්න ඇතුළු රෝග හඳුනාගැනීමේ සහ මූලික ප්‍රතිකාර වලදී පාවිච්චි කරන උපකරණ තමයි මේ හෘද කැතීටකරණ ඒකක (Cath Lab) හැටියට අපි හඳුන්වන්නේ.
එතකොට මේ වෙනකොට අපේ රටේ එවැනි කැත් ලැබ්ස් 10ක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි අලුතෙන් ලබාදෙන්නට කලින්, මේ වසර තුළදී අලුතෙන් 16ක් අපි ලබාදෙනවා. ඒ අනුව කොළඹ ජාතික රෝහලේදී කැත් ලැබ් ප්‍රමාණය හතර දක්වා වැඩිවෙනවා.
මේක සාමාන්‍යයෙන් මාස 9ක සමහර තැනක අවුරුද්දක විතර පොරොත්තු ලේඛනයක් තිබුණා. දැන් උදාහරණයක් ගත්තොත් කොළඹ ජාතික රෝහලේ මේ අලුත් කැත් ලැබ්ස් හතරම වැඩ කරන්න ගත්තහම අපිට පුළුවන්කමක් ලැබෙයි මේ පොරොත්තු ලේඛනය මාස 3ක් දක්වා අඩුකරන්න.
එතකොට ඔබ ඇහුවා මේකෙන් මේ අලුතෙන් ලබාදෙන 16න් සමහර ඒවා රජයේ අරමුදල්, සමහර ඒවා ආසියානු සංවර්ධන බැංකුවේ ණය, සමහර ඒවා ජයිකා (JICA) ණය හැටියට තමයි අපි අරගෙන තිබෙන්නේ. කොහොම වුණත් ඒක අවසානයේදී අපි භාණ්ඩාගාරයෙන් ක්‍රමානුකූලව ගෙවිය යුතුයි.
මේ වසර අවසන් වෙනකොට අපිට කැත් ලැබ්ස් ප්‍රමාණය 26 දක්වා වැඩිවෙනවා. ඒකත් එක්ක තමයි මේ මාස 9 අවුරුද්ද තියෙන පොරොත්තු ලේඛනය පළවෙනි පියවරේදී මාස 3 හෝ 4 දක්වා අඩු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.
අපේ බලාපොරොත්තුව තිබෙන්නේ මීට වසර 7කට 8කට කලින් ගත්ත කැත් ලැබ්ස් පාවිච්චි කරන තැන්වල ඒවා ඉක්මනටම රීප්ලේස් (Replace) කරලා අලුත් ඒවා ලබා දීලා, මේ පොරොත්තු ලේඛනය මාසය දක්වා අඩුකරන එක.
ඉතින් මං විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්නට ඕන දැන් ඔය තිබුණු කැත් ලැබ්ස් ප්‍රමාණය පාවිච්චි කරලා ලොකු වෙහෙසක් දරලා මේ අපේ රටේ රෝගීන්ට සේවය සලසන්න අපේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු අපේ කාර්ය මණ්ඩලය, වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය විශාල සේවාවක් සිදුකළා.
ඔවුන්ට සමහර වෙලාවට ඔවුන්ගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි කැත් ලැබ් එක තාක්ෂණික ප්‍රශ්න එනවා, කාර්ය මණ්ඩල හිඟතාවයන් එනවා, ඒ සියල්ලම මධ්‍යයේදී ඔවුන් සැලකිය යුතු සේවාවක් කරමින් මේ පොරොත්තු ලේඛනය අවම කිරීම සඳහා කටයුතු කරමින් හිටියා.
ඉතින් එහෙම සේවය කරමින් ඉන්න අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අලුත් උපකරණ ලැබීම කියලා කියන්නේ තමන්ගේ සේවය තවත් වැඩිපුර කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු උපකරණත් කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමත් එක්ක ඒ කටයුතු තවත් හොඳින් සිද්ධවෙලා ජනතාවට උපරිම සේවාවක් ලැබෙයි කියලා” යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.