ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 16ක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට හරියටම වසර දහසයකි. 

ඔහුගේ ඝාතනය සිද්ධ වූ වේ 2009 වසරේ ජනවාරි මස අටවන දා ය. 

වසර දහසයක කාලයක් ගෙවී ගියද, ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ කිසිවෙකුට මෙතෙක් දඩුවම් ලැබී නැත. 

ඔහුගේ ඝාතනයට සම්බන්ධ වූවන්ට දඩුවම් පැමිණ වීම මේ තාක් කාලයකට ප්‍රමාද වීමට එකම හේත-ුව, දේශපාලන බලාධිකාරයට ඒ සම්බන්ධයෙන් කිසිදු උවමනාවක් නොතිබීමයි.

නමුත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇතැයි, ලසන්ත වික්‍රමතුංග මහතාගේ සමීපතමයන් විශ්වාස කරන බව පෙනේ. 

ඔහුගේ එක් සහෝදරයකු වන ලාල් වික්‍රමතුංග මහතා කොලොම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ඒ පිළිබදව ලියා තිබේ. 

එහිදී ඔහු, වත්මන් ආණ්ඩුව ශානි අබේසේකර මහතා සහ රවී සෙනෙවිරත්න මහතා යළි විමර්ශන කාර්යයන්ට සම්බන්ධ කරගෙන තිබීම පිළිබදව පැසසුම්සහගතව කතා කරයි. එමෙන්ම, ඝාතකයන් හෙළි දරව් වනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවද පවසයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *