ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කිරීම වේගයෙන් ඉහළට – Verite Research වාර්තාව අනාවරණය කරයි

ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ජන බලවේග රජය බලයට පත් වී ගෙවුණු මාස 18ක කාලය තුළ නීතිය බලාත්මක කිරීමේ අණපනත් සම්මත කර ගැනීම වේගයෙන් ඉහළට ගොස්ත් ඇති බව මෙරට ප්‍රමුඛ පෙළේ දත්ත විශ්ලේෂක ආයතනයක් වන වෙරිටේ රිසර්ච් (Verite Research) සඳහන් කරයි.

ඔවුන් පවසන්නේ 2015 යහපාලන රජයේ මුල් මාස 18ක කාලය තුළ හා සැසඳීමේදි වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ මුල් මාස 18 තුළ නීති අණපනත් සම්මත කිරීම් අතින් සීග්‍රයෙන් ඉදිරියට පැමිණ සිටින බවයි.

යහපාලනයේ මුල් මාස 18 තුළ නීති 20ක් සම්මත කර තිබෙන අතර වත්මන් පාලනයේ මුල් 18 තුළ සම්මත කර ඇති නීති ගණන 32කි.

විශේෂයෙන්ම යහපාලනය සහ වත්මන් ජාතික ජන බලවේග රජය යන පාලනයන් පත්වන්නේම දූෂණ විරෝධී ප්‍රතිපත්තිය මූලික කරගෙන වීම විශේෂත්වයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *