නිතීඥ මහත්තයට ගහලා නෑ,එතුමා නිතීඥ ප්‍රජාවටම ලැජ්ජා සහගත ලෙස හැසිරුණේ – වන්නිනායක ගැන නිතීඥ මේනුකා කියයි

නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ගැටුම සම්බන්ධයෙන් මාතර, නිතීඥ මේනුකා සමරවික්‍රම මහත්මිය දැඩි විවේචනයක් එල්ල කරයි.

මෙම සිදුවීමට අදාළව නීතිඥ මහත්මයා “ගම කොහේද, මොනවද කරන්නෙ” වැනි අශිලාචාර ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් තමන් මේ පිළිබඳව සොයා බැලීමට පෙළඹුණු බව ඇය සඳහන් කරයි.

එම සොයා බැලීමේදී නීතිඥ මහත්මයාට ඇත්තටම පහර දී නොමැති බවට හෝ එසේ වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවට තමාට දැනගන්නට ලැබුණු බව සමරවික්‍රම මහත්මිය පවසයි.

ඇයගේ අදහස වන්නේ, අදාළ නීතිඥවරයා පොලිස් නිලධාරියා තරුණ, ලාබාල කෙනෙකු බැවින් නීතිඥ ප්‍රජාවටම ලැජ්ජා සහගත වන ලෙස අශිලාචාර ලෙස හැසිරී ඇති බවයි. “බලවතා විසින් දුබලයාව පෙලන්න දෙන්න හොඳ නෑ” යනුවෙන් අවධාරණය කරන ඇය, බලයේ සිටින අය දුර්වල පුද්ගලයින් පීඩාවට පත් කිරීමට ඉඩ නොදිය යුතු බව තරයේ කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *