ජාතික ණය සුරැකුම් ආයතනය, මේ වන විට ව්‍යවසායකයන් දෙදහසකට ඇප රහිත ණය ලබා දීම සිදුකර ඇති බවත්, වසර අවසන් විමට පෙර තවත් දහසකට ණය ලබා දීම සිදු කරන බවත්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
ඒ අනුව, මේ වසර අවසන් වන විට, රජය, ඇපකරයක් නොමැතිව ණය ලබා දෙන ව්‍යවසායකයන්ගේ සංඛ්‍යාව තුන් දහස දක්වා ඉහළ යයි.
රජයේ මෙම වැඩසටහන සදහා මූල්‍ය ආයතන දහතුනක සහයෝගය ලැබේ.
අලුත් ව්‍යවසායකයන්ට ඔවුන්ගේ ව්‍යාපෘති අනුව, අවමය රුපියල් ලක්ෂ පහක සිට උපරිමය රුපියල් ලක්ෂ දෙසීය පනහක් දක්වා මෙම ණය ලබා දීම සිදු කරයි