මහින්දගේ ගෙදර රජයට ගන්නවා – නිතීය අනුව පඩිය 30,000ක් ගෙවනවා – ජනපති අනුර කියයි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බවත් එම නිවසෙහි පමණක් වටිනාකම මාසික කුලිය ලක්ෂ 46ක් වන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ.

එය නිවසෙහි වටිනාකම පමණක් වන බවත් ඉඩම තවමත් තක්සේරු කර නොමැති බවත් එහිදී ඔහු සඳහන් කර සිටියා.

පනතෙහි පවතින ආකාරයට හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් හෝ වැටුපෙන් තුනෙන් එකක් හිමි විය යුතු අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට වැටුපෙන් තුනෙන් එකක මුදලක් ලබා දෙන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කර සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,

”එක්කෝ හිටපු ජනාධිපතිට ගෙයක් හිමි නැත්තම් පඩියෙන් තුනෙන් එකක් හිමි.. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් දෙනවා.. ඒ කියන්නේ 30,000ක්.. එහෙම නැතනම් ඉතුරු සල්ලි ටික දීලා කුලියට ඉන්න පුලුවන්.. කුලිය දුන්නේ තැතනම් එළියට..ලක්ෂ 46ක් මාසේ කුලිය”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *