හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
රජයේ නව පනත් කෙටුම්පත සහ නිල නිවාස ගැටලුව රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇති බව වාර්තා වේ. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීම සඳහා වූ නව පනත් කෙටුම්පතක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එය ඉදිරියේදී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තු වේ.
මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත්, හිටපු ජනාධිපතිවරුන්ට හිමි විශ්‍රාම වැටුප හැර අනෙකුත් සියලු පහසුකම්, එනම් නිල නිවාස ඇතුළු අනෙකුත් වරප්‍රසාද අහෝසි වනු ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයාට භාර දීමට නියමිත බවද සඳහන් වේ.
මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින විජේරාම මාවතේ නිල නිවසේ මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු පදිංචිව සිට ඇත.