සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සඳහා ව්‍යාපෘතියකට වැය වූ මුදලට සමාන මුදලක් වැය කිරීම පිළිබඳ පසුගිය කාලය පුරාම චෝදනා එල්ල වී තිබෙනවා.
එම සංදර්ශන අනවශ්‍ය බවට තීන්දු කරමින් ලබාදුන් ජන වරමට අගයක් එක්කරමින් මහියංගනය රෝහලේ නව වාට්ටු ජනතා අයිතියට පත්කෙරුණේ රෝගීන් දෙදෙනෙකු අතින්.
මහියංගනය රෝහලේ සිව්මහල් නව වාට්ටු සංකීර්ණය රුපියල් කෝටි 49ක මුදලක් වැය කරමින් ඉදිකෙරුණා.
රෝගී ඇදන් 167කින් සමන්විත මෙම ගොඩනැගිල්ල වාට්ටු 4ක් සහ දැඩි සත්කාර ඒකකයකින් සමන්විතයි.
චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙහි ඉදිකිරීම් වසර දෙකකින් ඉදිකිරීමට සැළසුම් කර තිබුණ ද පසුගිය කාලයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ මෙහි ඉදිකිරීම් ප්‍රමාද වුණා.
දිස්ත්‍රික්ක 5කට සේවා ලබාදෙන මහියංගනය මූලික රෝහලේ රෝගී ඇදන් අවම මට්ටමක තිබීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබුණා.
ඊට විසඳුම් ලබාදෙමින් ඉදිවූ නව වාට්ටු සංකීර්ණය විවෘත කෙරුණේ රෝහලේ දැනට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් දෙදෙනෙකු අතින්.
මහජන මුදල් වැය කරමින් ඉදිකරන බොහෝ ගොඩනැගිලි දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත්කළ යුගය අවසන් කරමින් නව සංස්කෘතියක් ඇරඹීමේ අරමුණෙන් මෙම කටයුතු මෙලෙස සැළසුම් කළ බවයි රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ.