ජාතික වෙසක් උත්සවයට මාතර මුස්ලිම් ජනතාව සුබ පැතුම් එක් කරයි

2026 වසරේ ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් මාතර වෙසෙන මුස්ලිම් ප්‍රජාව විසින් බෞද්ධ ජනතාව වෙත සිය උණුසුම් සුබ පැතුම් එක් කර තිබේ.

මේ වෙනුවෙන් මාතර නගරයේ මුස්ලිම් පල්ලියක් අසල “2026 ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් මාතර මුස්ලිම් ජනතාවගෙන් සුභ පැතුම්!” යනුවෙන් සඳහන් කරමින් විශාල බැනර් ප්‍රදර්ශනය කර ඇති අයුරු දැකගත හැකිය.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදී ගිනිදැල් ඇවිලවූ යුගයක, සාමාන්‍ය ජනතාව ලැබූ කටුක අත්දැකීම් නැවත ඇති වීමට ඉඩ නොතබන බවත්, මෙම සුන්දර සහජීවනයේ පියවර ඉදිරි අනාගතය වඩාත් ආලෝකමත් කරනු ඇති බවත් මෙහිදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම ආගමික නායකයින්ද පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *