රජය විසින් හඳුන්වා දුන් නව ‘මෙට්‍රෝ බස්’ (Metro Bus) සේවාව සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා (බස් ගැමුණු) අතිශය උපහාසාත්මක සහ සැර විවේචනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
මෙම නව බස් ව්‍යාපෘතිය යනු කිසිදු සැබෑ වෙනසක් නොමැති, පරණ ක්රමවේදයම අලුත් මුහුණුවරකින් පෙන්වීමට ගන්නා උත්සාහයක් පමණක් බව ඔහු පෙන්වා දෙයි.
රජය විසින් මෙට්‍රෝ බස් කියා අලුත් නමකින් හඳුන්වා දීමට උත්සාහ කරන්නේ වයස්ගත බාහිර පෙනුමක් ඇති කාන්තාවකට රූපලාවන්‍ය සත්කාරයක් (Facial) සිදු කර තරුණ පෙනුමක් ලබා දීමට ගන්නා උත්සාහයක් බඳු නිස්සාර ක්‍රියාවක් බව ඔහු පවසයි.