බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සදහා නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) කොළඹ රසපරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් කරනු ලැබූහ.
එම සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේගම හේමරතන නාහිමියන් අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුණි.
එම සිද්ධි සම්බන්ධයෙන් එම හිමියන්ගේ ඩී.එන්.ඒ පරීක්ෂණයක් කිරිම සදහා අධිකරණයෙන් කළ නියෝගයක් මත නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් විසින් පල්ලේගම හේමරතන හිමියන්ට දැනුම්දීමෙන් අනතුරුව අද එම හිමියෝ කොළඹ රස පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.