වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීම සඳහා වට්ස්ඇප් අංකයක් හදුන්වා දෙයි

වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීම සඳහා කම්කරු අමාත්‍යංශය නව වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබේ.

0707 22 78 77 එම අංකයයි.

වැඩ කරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සේවා සුරක්ෂිත තාව තහවුරු කිරීම වෙනුවෙනුත්, තෘප්තිමත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහාත් මෙම අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යංශය පවසයි.

සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම වට්ස්ඇප් අංකයට ජනතා ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා ඇත ඇත.

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටළු සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම මෙම නව whatsApp අංකය හඳුන්වා දීමේ තවත් එක් අරමුණක් බව කම්කරු අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *