තමන් විසින්ම ඉඩම් ලබාගෙන නිර්මාණය කරන ලද නවීන පන්නයේ නිවස, උද්ගතව ඇති ව්‍යාපාරික අභියෝග සහ ක්ෂණික මුදල් අවශ්‍යතාවයන් හේතුවෙන් ඉක්මනින්ම විකිණීමට තීරණය කර ඇති බව විරාජ් වික්‍රමනායක මහතා පවසයි.
කාමර දෙකකින් සමන්විත මෙම නිවස පිහිනුම් තටාකයක් (Swimming Pool) සහ නවීන විද්‍යුත් නාන කාමර පහසුකම් (Full electric washroom) ඇතුළු උසස් අංගෝපාංග රැසකින් සමන්විතය.
තමන් අත්කරගත් ජනප්‍රියත්වය කෙරෙහි විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල වුවද, තමන් මහන්සියෙන් හම්බකළ දේ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස විවේචනය කරන පිරිස් ගැන තමන් සැලකිලිමත් නොවන බවත්, සුදුසු මිලදී ගන්නෙකු (Buyer) සිටී නම් වහාම අමතන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.