ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ ප්‍රමුඛ පියවරක් වන මුලිකුලම් සුළං බල සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ (Mullikulam Wind Power Transmission Project) ‘Lot A’ කොටසේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විදුලිබල අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික එකඟතාවය පළව ඇත.
මෙම ව්‍යාපෘතිය මීට පෙර අනුමත කර තිබූ අතර, එය ‘Lot A’ සහ ‘Lot B’ යන කොටස් දෙකකින් සමන්විත වේ. ‘Lot B’ සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විටත් අවසන් කර ඇති අතර, ‘Lot A’ සඳහා ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය (International competitive procurement) යටතේ ලංසු කැඳවීම් සිදු කෙරුණි.
ඒ සඳහා ලංසුකරුවන් සිව්දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර, උසස් මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ ඇගයීමෙන් අනතුරුව අවම සහ වඩාත්ම ප්‍රතිචාරාත්මක ලංසුව ඉදිරිපත් කළ ඉන්දියාවේ RS Infraprojects (PVT) LTD සමාගම වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.