සිය ප්‍රතිපත්ති යන්නේ ජනතාව සමඟ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
රටේ ‘බයි කඳවුර’ ජයග්‍රහණය කිරීම යනු රටේ ජනතාව ජයග්‍රහණය කිරීමක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
විවිධ පක්ෂවල, විවිධ මත දරන මන්ත්‍රීවරුන් ඇති බවද, ආණ්ඩුවේ ලාල්කාන්ත අමාත්‍යවරයා සිටින ආකාරයෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සිටින බවද ඔහු ප්‍රකාශ කළා.
තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හරහා සමාජයට වැරදි අර්ථකථනයක් ගිය බවත්, එම නිසා පක්ෂයේ විනය කමිටුව හරහා මේ සම්බන්ධයෙන් අවවාද කිරීමට කටයුතු කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.