මාමණ්ඩි පාතාලයෙක් කියා කිව්ව නාලිකාවට එරෙහිව ඩි.වී චානක නඩු දමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදල් ඉල්ලා කොලඹ දිසා අධිකරණයේ (නඩු අංක DMR 01083/25) නඩු පවරා ඇත.

මියගිය තම මාමණ්ඩිය පාතාලය සමග සම්බන්ධතා ඇතිබවට මෙම ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකදී පවසා ඇති අතර මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

මෙම ප්‍රකාශය කලින් වැඩසටහනේ මෙන්ම ප්‍රමුඛත්වය දී නිවැරැදි කරන ලෙසත් සහ රුපියල් බිලියනයක වන්දි ගෙවන ලෙසද දන්වා මෙසේ නඩු පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *