ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ හතරවැනි සැකකරු ලෙස නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු විමර්ශන නිලධාරීන් පවසා සිටියේ ඉන්දියාව විසින් මෙම ක්‍රිෂ් ගොඩනැගිල්ල අශුද්ධ මුදලක් වැය කර ඇති බවයි.
එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ බී වර්තාවේ ඒ බව දන්වා තිබේද යන්නයි.
ඉදිරි දින ඒ සම්බන්ධයෙන් කරුණු බි වර්තාවකින් ඉදිරිපත් කරන බව දැන්වු සහකාර නීති අධ්‍යක්ෂවරිය පවසා සිටියේ ඉන්දියාවේ MLE මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති බවයි.
තවද සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක් වු සහකාර නීති අධ්‍යක්‍ෂකවරිය මෙලෙස කරුණු ඉදිරිපත් කළා.
” ස්වාමීනි, නාගරික සංවර්ධන අධිකාරිය අසාමාන්‍ය වේගයෙන් ක්‍රිෂ් ගොඩනැගිල්ල පවරා දීමට කටයුතු කරලා. මීට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වගකිව යුතුයි. විදේශිය සමාගමක් හරහා මෙවැනි ව්‍යාපෘති කරනවානම් මුදලේ වටිනාකම සම්බන්ධයෙන්.
” ස්වාමීනි , රුපියල් මිලියන 35 ක මුදලක් අවස්ථා දෙකක දී නිමල් පෙරේරා හරහා මෙම සැකකරු බාර ගෙන ඇති බවට අනාවරණය වෙනවා. රාජ්‍ය ආයතන අසාමාන්‍ය වේගයෙන් කටයුතු කර තිබෙනවා. මෙම සිදුවීම සිදු වන අවධියේ බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ගෝඨාභය රාජපක්ෂ UD එකේ ලේකම් ලෙස කටයුතු කර තිබෙනවා.
එම දෙදෙනාම මෙම සැකකරුගේ බාප්පා. එවකට ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ. ඔහු සැකකරුගේ පියා. මෙම සිද්ධියට අදාලව ඉක්මනින් විමර්ශන අවසන් කර අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කිරීමට ද අපේක්ෂා කරනවා. මහ බැංකුව විසින් මිලියන 150ක මුදලක් මෙම ගොඩනැගිල්ල්ට යොදවා ඇති අවස්ථාවක දී මෙම ගණුදෙනුව සිදුකර තිබෙන්නේ.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළා.