ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව එල්ල වී ඇති අල්ලස් ලබාගැනීමේ චෝදනාව සහ ඊට සම්බන්ධ මුදල් විශුද්ධිකරණ චෝදනාව යන විමර්ශන දෙකම මේ වන විට අවසන් කර, ඒවායේ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අද අධිකරණයට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඒකාබද්ධව මෙහෙයවූ මෙම විමර්ශන දෙක සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකුට එරෙහිව එකම ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පැහැදිලි කළේය.